ඉර එළිය නොඅඩුව ලැබෙන රටේ ජනගහනයෙන් සෑම තුන්දෙනෙකුගෙන් අයෙක්ට විටමින්-D ඌණතාවය?

සූර්යාලෝකයට නිරාවරණය වන විට සමෙහි විටමින් D නිපදවෙන බව අප කුඩා කාලයේ පටන් ඉගෙ
නගෙන තිබෙන විද්යාත්මක කරුණක්. එහෙත්, වසර පුරාම හොඳින් හිරු එළිය ලැබෙන සමකාසන්න රටක් වන ශ්රී ලංකාවේ සිදු කර ඇති සමීක්ෂණ මගින් හෙළිවන තොරතුරු ඇතැම්විට ඔබ විමතියට පත් කරන්නට ඉඩ තිබෙනවා.
එක් සමීක්ෂණයකට අනුව ලංකාවේ නාගරික ජනගහණයෙන් සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු (31%) විටමින් D ඌණතාවයෙන් (Vitamin D Deficiency) පෙළෙන අතර අඩකට වඩා (59%) පිරිසකගේ ශරීරයේ විටමින් D මට්ටම ප්රමාණවත් නැහැ (Vitamin D Insuficiency). දකුණු පලාතේ කාන්තාවන් අතර සිදුකල සමීක්ෂණයකිනුත් මෙයට සමාන ප්රතිඵල ලැබී ඇති අතර අඩකට වඩා වැඩි පිරිසකගේ (56%) විටමින් D මට්ටම ප්රමාණවත් නැති බව බව තහවුරු වී තිබෙනවා. වයස 10 -18 අතර පාසැල් සිසුන් අතරත් ආසන්න වශයෙන් අඩකගේ පමණ (46%) විටමින් D මට්ටම ප්රමාණවත් නැහැ.
අපව ආසාදන වලින් ආරක්ෂා කරන ප්රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වාගැනීමට උපකාරී වන, ශ්වසන රෝග වළක්වාලන, ශක්තිමත් අස්ථි සඳහා අත්යාවශ්ය, මාංශ පේශි වල මෙන්ම මොළයේ ක්රියකාරීත්වයට වැදගත්වන, කෙටියෙන් කිවහොත් සෞඛ්ය සම්පන්න ක්රියාශීලී ජිවිතයකට ඉතා වැදගත්වන පෝෂකයක් මෙලෙස ඌණ වීම අපට සුලු කොට තැකිය හැකි තත්වයක් වන්නෙ නැහැ. හිරු එළියෙන් නැහැවෙන එළිමහනේ සක්රීය ජීවිතයකට හුරු වී සිටි අපේ මුතුන්මිත්තන් ගතකල ජීවන රටාව වෙනස් වෙමින් වැඩි වැඩියෙන් නිවාස /ගොඩනැගිලි අභ්යන්තරයේ රැඳී සිටින්නට අප හුරු වී සිටීම මෙයට එක් හේතුවක් වන්නට ඉඩ තිබෙනවා.
සාලයා, සූඩයා, හුරුල්ලන්, බෝල්ලු වැනි තෙල් සහිත මත්ස්යයන්, බිත්තර කහමදය, රතු මස්, සත්ව අක්මාව (පීකුදු ) වල මෙන්ම සහ පිටතින් විටමින් එක් කරන ලද ආහාර වර්ග වල විටමින් D අඩංගු වෙන නමුත් දෛනික අවශ්යතාවයට සරිලන තරම් ප්රමාණයක් අප අතරින් බොහෝ දෙනකුට එදිනෙදා ආහාර රටාව තුලින් ලැබෙන්නේ නැහැ. එම නිසා ඉහත කී ආහාර හැකි තාක් කෑම වේලට එකතු කරගන්නා අතරේම අප මුලින් සඳහන් කල පරිදි හිරු එළිය ට නිරාවරණය වීමෙන් දිනපතා අවශ්ය විටමින් D ප්රමාණය සිරුර තුලම නිපදවා ගැනීම කල හැකි ආකාරය ගැන දැනුවත් වීම සහ ඒ අනුව ක්රියාත්මක වීම වැදගත්. පවත්නා ආර්ථික වශයෙන් ගැටලුකාරී වාතාවරණය තුල මෙය කාලීන වැදගත්කමකින් යුතු විකල්පයක් ද වනු ඇති බව නොඅනුමානයි.
ඒ සඳහා ඔබ, එදිනෙදා භාවිතා කරන සාමාන්ය ඇඳුමෙන් සැරසී, උදෑසන 10 ත් සවස 3 අතර විනාඩි 15 - 30 අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීම කළයුතු වෙනවා. ශරීරයට අවශ්ය සම්පූර්ණ විටමින් D ප්රමාණය නිපදවා ගැනීමට නම් මේ ක්රියාවලිය දිනපතා සිදු කළ යුතු යි.
මේ හිරු එළියට නිරාවරණයවන කාලය අතරතුර ව්යායාම, ගෙවතු වගාව හෝ වෙනත් ඕනෑම ඔබ කැමති කටයුත්තක යෙදෙන්නත් හැකියාව තිබෙනවා.
යම් සමේ රෝග තත්වයක් නිසා ඔබට හිරු එළියට නිරාවරණය නො වන ලෙස වෛද්ය උපදෙස් ලැබී ඇති නම් මේ ක්රමය ඔබට සුදුසු වන්නේ නෑ​​. ඔබ යම් රෝගයක් සඳහා දිගු කාලීනව ඖෂධ ලබාගන්නා කෙනෙක් නම්, හිරු එළියට නිරාවරණය වීමේ ගැටලුවක් තිබේ දැයි ඔබේ වෛද්යවරයාගෙන් කල් ඇතිව විමසා දැනගැනීමත් වැදගත් වනවා. යම් හෙයකින්, හිරු එළියට නිරාවරණය වීමේ දී සමෙහි අපහසුතාවයන් ඇති වේ නම් එය වහාම නවතා වෛද්ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්.
අභියෝග හමුවේ තවත් සවිමත් වෙමින් නිරෝගීමත් සහ ශක්තිමත් පුරවැසියන් බවට පත්වන්නට මේ නොමිලේ ලැබෙන මහඟු දායාදය අපතේ නොහැර භාවිතා කරන්නට ඔබ කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

Author

Written by Admin

Aliquam molestie ligula vitae nunc lobortis dictum varius tellus porttitor. Suspendisse vehicula diam a ligula malesuada a pellentesque turpis facilisis. Vestibulum a urna elit. Nulla bibendum dolor suscipit tortor euismod eu laoreet odio facilisis.

0 comments:

  'මන්කි පොක්ස්' මෑතක් වන තෙක්ම මධ් ‍ යම සහ බටහිර අප් ‍ රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන 'මන්කි පොක්ස්' තත්ව...