'මන්කි පොක්ස්'



මෑතක් වන තෙක්ම මධ්යම සහ බටහිර අප්රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන 'මන්කි පොක්ස්' තත්වය ලොව විවිධ රටවල් ආක්රමණය කරමින් පැතිර යන්නට පටන්ගත් අවස්ථාවේ දී ම, ඒ පිළිබඳව මූලික කරුණු ඔබ වෙතගෙන එන්නට අප කටයුතු කලා.
රටවල් 75 කට පමණ ඉතා ඉක්මනින් මෙම රෝගයේ පැතිරීමත්, තහවුරු කල මරණ පහක් සමගින් 16,000කටත් වඩා රෝගීන් සංඛ්යාවක් වාර්තා වීමත් සමඟම ලෝක සෞඛ්ය සංවිධානය මෙය 'ගෝලීය මහජන සෞඛ්ය හදිසි තත්වයක්' (Public Health Emergency of International Concern) ලෙස ප්රකාශයට පත් කරන්නට කටයුතු කලා. අප රටෙන් තවම රෝගීන් වාර්තා වී නැතත් , ලංකාව අවට රටවල් කිහිපයකටම 'මන්කිපොක්ස්' ඇතුලු වී ඇති අවස්ථාවක නැවත වතාවක් ඔබේ දැනුම මෙලෙස යාවත්කාලීන කිරීම වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.
'මන්කි පොක්ස්' ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්රය හරහා නිරෝගී අයෙකුගේ සිරුරට වෛරසය ඇතුලු විය හැකියි. රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකි බව සඳහන්. එනමුත් මෙය ලිංගිකව සම්ප්රේෂණය වන රෝගයක් නොවේ.
උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග , ඇතිවන බිබිලි මෙහි දී රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා. ආසාදිතයෙකුට නිරාවරණය වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළ වීමට ගතවිය හැකියි.
සාමාන්යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. එමෙන්ම මුඛය, ලිංගික ප්රදේශ සහ ඇස් ආශ්රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. මුලින්ම පැල්ලම් ලෙස මතුවී, බිබිලි , ගැටිති සහ දිය පට්ටා හෝ සැරව බිබිලි බවට පත්වෙන මෙම කුෂ්ඨ සුව වන විට සම මතුපිට කබොල්ලක් සෑදෙන අතර ඒවා ද සම්පූර්ණයෙන් හැලී යෑමෙන් පසුව ආසාදනය සුව වී ඇති බව නිගමනය කල හැකි වනවා. මෙම රෝග ලක්ෂණ, පැපොල / අත් - පා - මුඛ රෝගය වැනි සුලබ වෛරස ආසාදන වලදීත් දැකිය හැකි නිසා නොපමාව වෛද්ය උපදෙස් ලබාගැනීම මෙන්ම , රෝග ලක්ෂණ ඇති වූ වහාම අන් අයගෙන් වෙන් වී සිටීමත් ඉතා වැදගත්.
'මන්කි පොක්ස්' සාමාන්යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානමක් පවතිනවා. මේ වනවිට මෙම වසංගතයේ මරණ අනුපාතය ගණනය කර ඇත්තේ 3 -6 % ලෙසයි. එමෙන්ම මෙම රෝගය බෝවීමේ වේගය, පැපොල / සරම්ප වැනි වෛරස් රෝග බෝවීමේ වේගය හා සැසඳූ කල ඉතා අඩු අගයක් බව දැක්වෙනවා.
පවත්නා අර්බුදකාරී වාතාවරණය හමුවේ මේ වසංගත අභියෝගයත් කෙලෙස හෝ ජයගැනීමට අපට සිදු වෙනවා. ඒ සඳහා අප විසින් ලබා දෙන මහජන සෞඛ්ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උපරිම සහයෝගය ලබා දීමට පුරවැසි ඔබ කටයුතු කරනු අතැයි අප බලාපොරොත්තු වෙනවා.

0 comments:

ඉර එළිය නොඅඩුව ලැබෙන රටේ ජනගහනයෙන් සෑම තුන්දෙනෙකුගෙන් අයෙක්ට විටමින්-D ඌණතාවය?

සූර්යාලෝකයට නිරාවරණය වන විට සමෙහි විටමින් D නිපදවෙන බව අප කුඩා කාලයේ පටන් ඉගෙ
නගෙන තිබෙන විද්යාත්මක කරුණක්. එහෙත්, වසර පුරාම හොඳින් හිරු එළිය ලැබෙන සමකාසන්න රටක් වන ශ්රී ලංකාවේ සිදු කර ඇති සමීක්ෂණ මගින් හෙළිවන තොරතුරු ඇතැම්විට ඔබ විමතියට පත් කරන්නට ඉඩ තිබෙනවා.
එක් සමීක්ෂණයකට අනුව ලංකාවේ නාගරික ජනගහණයෙන් සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු (31%) විටමින් D ඌණතාවයෙන් (Vitamin D Deficiency) පෙළෙන අතර අඩකට වඩා (59%) පිරිසකගේ ශරීරයේ විටමින් D මට්ටම ප්රමාණවත් නැහැ (Vitamin D Insuficiency). දකුණු පලාතේ කාන්තාවන් අතර සිදුකල සමීක්ෂණයකිනුත් මෙයට සමාන ප්රතිඵල ලැබී ඇති අතර අඩකට වඩා වැඩි පිරිසකගේ (56%) විටමින් D මට්ටම ප්රමාණවත් නැති බව බව තහවුරු වී තිබෙනවා. වයස 10 -18 අතර පාසැල් සිසුන් අතරත් ආසන්න වශයෙන් අඩකගේ පමණ (46%) විටමින් D මට්ටම ප්රමාණවත් නැහැ.
අපව ආසාදන වලින් ආරක්ෂා කරන ප්රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වාගැනීමට උපකාරී වන, ශ්වසන රෝග වළක්වාලන, ශක්තිමත් අස්ථි සඳහා අත්යාවශ්ය, මාංශ පේශි වල මෙන්ම මොළයේ ක්රියකාරීත්වයට වැදගත්වන, කෙටියෙන් කිවහොත් සෞඛ්ය සම්පන්න ක්රියාශීලී ජිවිතයකට ඉතා වැදගත්වන පෝෂකයක් මෙලෙස ඌණ වීම අපට සුලු කොට තැකිය හැකි තත්වයක් වන්නෙ නැහැ. හිරු එළියෙන් නැහැවෙන එළිමහනේ සක්රීය ජීවිතයකට හුරු වී සිටි අපේ මුතුන්මිත්තන් ගතකල ජීවන රටාව වෙනස් වෙමින් වැඩි වැඩියෙන් නිවාස /ගොඩනැගිලි අභ්යන්තරයේ රැඳී සිටින්නට අප හුරු වී සිටීම මෙයට එක් හේතුවක් වන්නට ඉඩ තිබෙනවා.
සාලයා, සූඩයා, හුරුල්ලන්, බෝල්ලු වැනි තෙල් සහිත මත්ස්යයන්, බිත්තර කහමදය, රතු මස්, සත්ව අක්මාව (පීකුදු ) වල මෙන්ම සහ පිටතින් විටමින් එක් කරන ලද ආහාර වර්ග වල විටමින් D අඩංගු වෙන නමුත් දෛනික අවශ්යතාවයට සරිලන තරම් ප්රමාණයක් අප අතරින් බොහෝ දෙනකුට එදිනෙදා ආහාර රටාව තුලින් ලැබෙන්නේ නැහැ. එම නිසා ඉහත කී ආහාර හැකි තාක් කෑම වේලට එකතු කරගන්නා අතරේම අප මුලින් සඳහන් කල පරිදි හිරු එළිය ට නිරාවරණය වීමෙන් දිනපතා අවශ්ය විටමින් D ප්රමාණය සිරුර තුලම නිපදවා ගැනීම කල හැකි ආකාරය ගැන දැනුවත් වීම සහ ඒ අනුව ක්රියාත්මක වීම වැදගත්. පවත්නා ආර්ථික වශයෙන් ගැටලුකාරී වාතාවරණය තුල මෙය කාලීන වැදගත්කමකින් යුතු විකල්පයක් ද වනු ඇති බව නොඅනුමානයි.
ඒ සඳහා ඔබ, එදිනෙදා භාවිතා කරන සාමාන්ය ඇඳුමෙන් සැරසී, උදෑසන 10 ත් සවස 3 අතර විනාඩි 15 - 30 අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීම කළයුතු වෙනවා. ශරීරයට අවශ්ය සම්පූර්ණ විටමින් D ප්රමාණය නිපදවා ගැනීමට නම් මේ ක්රියාවලිය දිනපතා සිදු කළ යුතු යි.
මේ හිරු එළියට නිරාවරණයවන කාලය අතරතුර ව්යායාම, ගෙවතු වගාව හෝ වෙනත් ඕනෑම ඔබ කැමති කටයුත්තක යෙදෙන්නත් හැකියාව තිබෙනවා.
යම් සමේ රෝග තත්වයක් නිසා ඔබට හිරු එළියට නිරාවරණය නො වන ලෙස වෛද්ය උපදෙස් ලැබී ඇති නම් මේ ක්රමය ඔබට සුදුසු වන්නේ නෑ​​. ඔබ යම් රෝගයක් සඳහා දිගු කාලීනව ඖෂධ ලබාගන්නා කෙනෙක් නම්, හිරු එළියට නිරාවරණය වීමේ ගැටලුවක් තිබේ දැයි ඔබේ වෛද්යවරයාගෙන් කල් ඇතිව විමසා දැනගැනීමත් වැදගත් වනවා. යම් හෙයකින්, හිරු එළියට නිරාවරණය වීමේ දී සමෙහි අපහසුතාවයන් ඇති වේ නම් එය වහාම නවතා වෛද්ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්.
අභියෝග හමුවේ තවත් සවිමත් වෙමින් නිරෝගීමත් සහ ශක්තිමත් පුරවැසියන් බවට පත්වන්නට මේ නොමිලේ ලැබෙන මහඟු දායාදය අපතේ නොහැර භාවිතා කරන්නට ඔබ කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

0 comments:


 ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…



ලොව පුරා මිනිසුන් මේ වනවිට පසු කරමින් සිටින්නේ ඉතාමත් තීරණාත්මක කාල වකවානුවක්. රටක් ලෙස ශ්රී ලංකාව ආර්ථික සහ දේශපාලනමය අර්බුදකාරී තත්වයකට මුහුණ දෙන අතර තුර මුළු මහත් ලෝකයම අඩපණ කල කොවිඩ්-19 සහ වසංගතය, රටවල් අතර වර්ධනය වන යුධමය තත්වයන්, දේශගුණ විපර්යාස වල බලපෑම වැනි හේතු කාරණා පදනම් කරගෙන බරපතල ආර්ථික සහ සාමාජයීය ගැටලු වලට මුහුණ දෙන්නට බොහෝ රටවලට මේ වනවිට සිදු වී තිබෙනවා. ශ්රී ලංකාවේ ඇතිවී පවත්නා ආර්ථික අර්බුදය හමුවේ අපේ පෝෂණයට ඇතිවිය හැකි බලපෑම ගැන නොයෙක් පුරෝකථනයන් ඔබ දැනටමත් දැක ඇතිවාට සැක නැහැ.
මෙවන් ආර්ථික වශයෙන් අර්බුදකාරී වකවානුවක ස්වභාවිකවම ලැබෙන පෝෂණ ප්රභවයක් ලෙස මව්කිරිවල ඇති වටිනාකමත් ඔබට අවධාරණය කරන්නට අප කටයුතු කලා ඔබට මතක ඇති. ළදරුවාගේ පළමු මාස හය සම්පූර්ණ වන තුරු මව් කිරි පමණක් ලබාදීම තුලින් අවශ්ය සම්පූර්ණ පෝෂණය ලබාගැනීමේ ඇති හැකියාවත්, කායික වර්ධනයට මෙන්ම මානසික සංවර්ධනයටත් එහි ඇති වැදගත්කමත් අප ඔබ සමඟ සාකච්ඡා කරනු ලැබුවා. එම සටහනෙහිම දිගුවක් ලෙස පළමු මාස හය සම්පූර්ණ වූ දරුවෙකුගේ පෝෂණය රැකගැනීම සඳහා මේ අභියෝගාත්මක වකවානුවේ අපට කලහැකි දෑ පිළිබඳව විමසා බැලීමටයි අපගේ මේ උත්සාහය.
ළදරුවාට මාස 6 සම්පූර්ණ වීමෙන් පසුත් අමතර ආහාර සමඟ මව්කිරි ලබාදීම අවුරුදු දෙක තෙක් හෝ ඊට වැඩි කාලයක් කළ යුතු බව ඔබ දන්නවා.
මාස 6 සිට පළමු වසර සම්පූර්ණ වන තෙක්, දිවා කාලයේ දී තුන් හතර වතාවක් සහ රාත්රී කාලයේදී එක් වතාවක් වශයෙන් මව් කිරි ලබාදිය හැක. එමෙන්ම පළමු වසර සම්පූර්ණ වීමේ සිට අවුරුදු 2 වන තෙක් දිවා කාලයේ දෙතුන් වතාවක් මව්කිරි ලබා දීම සුදුසු වනවා. වයස අවුරුදු දෙකෙන් පසුවත් දිවා කාලයේ දී මෙලෙස ම මව්කිරි ලබා දීමට හැකියි. ඉහත කී පරිදි මව්කිරි ලබන දරුවන්ට වෙනත් කිරි ආහාර ලබා දීම අත්යවශ්ය නැහැ. මේ අයුරින් මව්කිරි ලබාදීම කළමනාකරණය කරගැනීමට ඔබට හැකියාවක් පවතී නම් වෙනත් කිරි වර්ග සඳහා වැයවෙන විශාල මුදල ඉතිරි කර ගැනීමට එය රුකුලක් වනු නොඅනුමානයි.
වැඩිහිටියෙකු සමඟ සැසඳූ විට කුඩා දරුවෙකුට දිනකට අවශ්ය ආහාර ප්රමාණය කුඩා වුවත් එහි අඩංගු පෝෂණය වයසට ගැලපෙන පරිදි පවත්වාගැනීම ඉතාම වැදගත්. ආර්ථික දුෂ්කරතා මධ්යයේ ඔබ ඉතිරි කරගන්නා මුදල් සකසුරුවමින් පරිහරණය කරමින් දරුවන්ට අවශ්ය වන කුඩා ආහාර ප්රමාණය පෝෂ්යදායී ලෙස ලබා දෙන්නේ කෙසේ දැයි දැන් අප සාකච්ඡා කරන්නට සූදානම්.
හැකි සෑම අවස්ථාවකදී ම නිවසේදී ආහාර වේල සකසාගැනීම, මුදල් ඉතිරි කරගැනීමේ මඟක් මෙන්ම ආහාර වේලේ සෞඛ්යාරක්ෂිත බව තහවුරු කරගැනීමට ගත හැකි ප්රධානතම ක්රියාමාර්ගයක්.
මාස හයේ සිට පළමු වසර සම්පූර්ණ වන තෙක් ඔබේ දරුවාට ලබාදෙන ආහාර වේල සකසා ගැනීමේ දී ඔබේ ගෙවත්තෙන් හෝ වෙළඳපොළෙන් අඩු මිලට ලබා ගත හැකි කොළ පලා වර්ග (උදා: මුරුංගා , කතුරු මුරුංගා) , දේශීය කහ පැහැති එළවළු සහ පලතුරු වර්ග ලබා දිය හැකිය.
ප්රෝටීනමය ආහාර ලෙස කුඩා මාළු, වේලා කුඩුකරගන්නා ලද හාල්මැස්සන් , කූනිස්සන්, වැව් මාළු, බිත්තර, පරිප්පු , සෝයා වැනි ආහාර සුදුසුයි.
පිෂ්ටමය ආහාර ලෙස නිව්ඩු සහල්, බතල, දේශිය අල වර්ග, කොස්, දෙල්, මේද සංඝටක ලෙස පොල් සහ තෙල් වර්ගද යොදාගැනීමේ හැකියාව තිබෙනවා.
පොල් කිරි හෝ තෙල් ස්වල්පයක් එකතු කිරීම, ඔබ සකසන ආහාරයේ ශක්තිජනක අගය වැඩි කරගැනීමේ උපක්රමයක්.
ආහාර එක් වර්ගයකින් කුඩා ප්රමාණවලින් ඇති විට ඒවා කලවම්කර තනි ආහාරයක් වුවද පිස ගැනීම (උදා- මිශ්ර ව්යංජන, කලවම් බත්) කල හැකියි. එමෙන්ම මේ වකවානුවේ විශේෂයෙන් ම ආහාර අපතේ යැවීම අවම කරගැනීම වැදගත්. මේ සඳහා, මිරිකා ගත් පොල් විසි නොකර අඹරාගෙන ව්යංජන වලට එකතු කිරීම, කොස් ඇට / කොට්ටම්බා ආදී පෝෂ්යදායී ඇට වර්ග ඉවත නොදමා භාවිතයට ගැනීම, ඉතිරි වන බත් හොඳින් වියළා කුඩු කර කෙටි ආහාර නිවසේදීම සකසා ගැනීමට හුරුවීම ආදිය මෙන්ම සහ තවත් නිර්මාණශීලී පිරිමැසුම් උපක්රම ඔබට යොදාගත හැකියි.
වයස අවුරුද්දක් වනවිට දරුවා පවුලේ අනෙක් අය ගන්නා ආහාර වලට හුරු කල යුතු අතර , නිවසේ සියලු දෙනා එක්ව ආහාර ගැනීම තුලින් දරුවාට ආහාර ගැනීමේ හොඳ පුරුදු ඉගෙනගැනීමටත් හැකියාව ලැබෙනවා.
අප අතරින් බොහොමයකට ආර්ථික වශයෙන් දුශ්කර මේ අවස්ථාවේ, දරුවාට වයසට අවශ්ය නිසි පෝෂණය නොඅඩුව ලබා දෙන්නට ඔබ දරන උත්සාහයට මෙම කරුණු යම් උපකාරයක් වන්නට ඇතැයි අප අපේක්ෂා කරනවා.

https://amzn.to/3DRrtyy

0 comments:

  'මන්කි පොක්ස්' මෑතක් වන තෙක්ම මධ් ‍ යම සහ බටහිර අප් ‍ රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන 'මන්කි පොක්ස්' තත්ව...